වැව්ගම් පුබුදුව (CRIWMP)
View English
වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීම ඇරඹේ
මිහින්තලය, අනුරාධපුරය
2026 ඔක්තෝබර් 05
"වැව්ගම් පුබුදුව" ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද ආරම්භ විය.
දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් "වැව්ගම් පුබුදුව" (CRIWMP) ව්‍යාපෘතිය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලදී.
ව්‍යාපෘතියේ හවුල්කරුවන් සහ ප්‍රතිඵල
GCF
හරිත දේශගුණ අරමුදල
මූල්‍ය ආධාර
GoSL
ශ්‍රී ලංකා රජය
සම-මූල්‍ය දායකත්වය
UNDP
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන
තාක්ෂණික සහාය
මෙම ව්‍යාපෘතිය යටතේ එල්ලංගා පද්ධති 09කට අයත් වැව් අමුණු 126ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඊට අමතරව වැව් රක්ෂිත සීමා මායිම් ලකුණු කිරීම සහ ඒවා පිඹුරුපත් ගත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ද සකස් කරන ලදී.
ඒ අනුව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්, මහ කිරින්දේගම එල්ලංගාවට අයත් වැව්වල රක්ෂිත සීමා ලකුණු කිරීමට අදාළ පිඹුරුපත් අදාළ පාර්ශ්ව වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම අද දින (ඔක්තෝබර් 05) මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සහභාගී වූ අමුත්තන්
ප්‍රධානත්වය
නීතිඥ භාග්‍ය ශ්‍රී පහන් මහතා
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
එස්.බී.එන්. අනුරාධ නායක මහතා
ප්‍රාදේශීය ලේකම්, මිහින්තලය
ඉංජි. වසන්ත පලුගස්වැව මහතා
වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්; වැව්ගම් පුබුදුව සහ වාරි මහිම අපේ උරුමය තාක්ෂණික උපදේශක
කැනීෂියස් සමරසිංහ මහතා
වැව්ගම් පුබුදුව හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ; මහවැලි උපදේශක කාර්යාංශයේ සහකාර සාමාන්‍යාධිකාරි
අශෝක පෙරේරා මහතා
වාරි මහිම අපේ උරුමය, උතුරු සහ උතුරු මැද පළාත් කළමනාකරු
ඉංජි. පසිඳු අමරසිංහ මහතා
වාරි මහිම අපේ උරුමය, වව්නියා දිස්ත්‍රික් කළමනාකරු
පාලිත උදයකාන්ත මහතා
හිටපු මැනුම්පති
මිහින්තලය ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරීන් සහ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් ද මීට සහභාගි වූහ.
මෙහි වැදගත්කම
මෙවැනි ක්‍රමවත් මැදිහත්වීම් තුළින් වැව් රක්ෂිත සීමා පැහැදිලිව හඳුනාගෙන ලේඛනගත කිරීම, වැව් ආශ්රිත භූමි අනවසර භාවිතය වැළැක්වීමටත්, වැව් පද්ධති ආරක්ෂා කරමින් අනාගත පරපුර වෙනුවෙන් එම ජල සම්පත් සංරක්ෂණය කිරීමටත් වැදගත් පදනමක් සපයයි.
එමඟින් වැව් හා එල්ලංගා පද්ධති හුදෙක් වාරිමාර්ග ව්‍යුහයන් ලෙස නොව, ගොවි ජනතාවගේ ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව තීරණය කරන ජීවමාන පරිසර පද්ධති ලෙස ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කෙරේ.
A programme to hand over plans for 126 tanks and anicuts rehabilitated under the "Wewgam Pubuduwa" project began today.
The Climate Resilient Integrated Water Management Project, known as "Wewgam Pubuduwa" (CRIWMP), was implemented by the Ministry of Agriculture, Livestock, Lands and Irrigation.
Project partners and results
GCF
Green Climate Fund
Financing
GoSL
Government of Sri Lanka
Co-financing
UNDP
United Nations Development Programme
Technical support
Under the project, 126 tanks and anicuts belonging to nine cascade systems have been rehabilitated. The project also put in place a systematic process for marking tank reservation boundaries and mapping them in survey plans.
As part of this, the plans marking the reservation boundaries of tanks in the Maha Kirindegama cascade, in the Mihintale Divisional Secretariat area, were formally handed over to the relevant parties today (5 October) at the Mihintale Divisional Secretariat auditorium.
Guests in attendance
Presided by
Attorney-at-Law Bhagya Sri Pahan
Member of Parliament, Anuradhapura District
Mr. S.B.N. Anuradha Nayaka
Divisional Secretary, Mihintale
Eng. Wasantha Palugaswewa
Former Secretary, Ministry of Irrigation; Technical Advisor to Wewgam Pubuduwa and Wari Mahima – Ape Urumaya
Mr. Canisius Samarasinghe
Former Deputy Director, Wewgam Pubuduwa; Assistant General Manager, Mahaweli Consultancy Bureau
Mr. Ashoka Perera
Manager for the Northern and North Central Provinces, Wari Mahima – Ape Urumaya
Eng. Pasindu Amarasinghe
Vavuniya District Manager, Wari Mahima – Ape Urumaya
Mr. Palitha Udayakantha
Former Surveyor General
Agrarian development officers of the Mihintale division and many farmer organisation representatives from the Mihintale Divisional Secretariat area also attended.
Why it matters
Clearly identifying and documenting tank reservation boundaries through systematic work like this lays an important foundation for preventing unauthorised use of tank lands, protecting tank systems and conserving their water for future generations.
It also strengthens the case for protecting tanks and cascade systems not merely as irrigation structures, but as living ecosystems that shape farmers' livelihoods, food security and resilience to climate change.