සමාජ සුබසාධන පුවත්
දොළුව

දොළුව ඩේශන් වත්තේ ආපදාවෙන් අවතැන් වූ දෙමළ සහෝදර ජනතාවට නිවාස වැඩසටහනේ නව අදියරක් ආරම්භ

දිත්වා ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ජීවත් වීමේ බලාපොරොත්තු සුන්ව හිසට හරිහමන් සෙවනවක් හිටි තැන් අහිමි වූ අපේම සහෝදර දමිල ජනතාවට නිවාස සදා දීමේ වැඩසටහනෙහි තවත් එක් අදියරක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍යතුමන් වන කේ.ඩී. ලාල් කාන්ත මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් දොළුව ඩේශන් වත්තේදී පසුගිය දා (ජූලි 31) ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන මගින් ආපදාවෙන් පීඩාවට පත් පවුල්වලට ස්ථිර නිවාස ලබා දෙමින්, ගෞරවනීය හා සුරක්ෂිත ජීවිතයක් යළි ගොඩනගා ගැනීමට ඔවුන්ට සහාය වීම අරමුණු කරගෙන ඇත.