වාරිමාර්ග ප්‍රවෘත්ති
රජමල්වත්ත, බත්තරමුල්ල

ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් ග්‍රාමීය ආර්ථිකය සවි බල ගැන්වීමේ "වාරි මහිම අපේ උරුමය" ජාතික වැඩසටහන

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දැක්ම අනුව යමින්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක "වාරි මහිම අපේ උරුමය" වැඩසටහන, එල්ලංගා පද්ධති සහ කුඩා වැව් ඇතුළත්ව ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් සමස්ත ග්‍රාමීය ආර්ථිකය සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන සහකරුවෙක් ලෙස මහවැලි උපදේශක කාර්‍යංශය කටයුතු කරන අතර, ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව භාරකාර පාර්ශවයක් ලෙස කටයුතු කරයි. වාරි මහිම අපේ උරුමය ජාතික ව්‍යාපෘතියට අදාළව මෙම පාර්ශවයන් දෙක අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම පසුගිය දා (09) බත්තරමුල්ල රජමල්වත්ත අමාත්‍යාංශ ලේකම් කාර්‍යාලයේදී සිදු කෙරිණි.

අවබෝධතා ගිවිසුම
මහවැලි උපදේශක කාර්‍යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව අතර අත්සන් කරන ලද මෙම ගිවිසුම, ආයතන දෙක අතර ආයතනික සහයෝගීතාවය හා තාක්ෂණික සම්බන්ධීකරණය තව දුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමන් වන ඩී.පී වික්‍රමසිංහ මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවෙහි කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා, කොමසාරිස් (සංවර්ධන) චමින්ද ඒකනායක මහතා, වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ, මහවැලි උපදේශක කාර්‍යංශයේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජි.චන්දන එදිරිසූරිය මහතා, මහවැලි උපදේශක කාර්‍යංශයේ සාමාන්‍යාධිකාරි ඉංජි.පලුගස්වැව මහතා (තාක්ෂන සහ උපදේශන), මානව සම්පත් කළමනාකාරී උපේකා සිරිවර්ධන මහත්මිය, ඉංජි.හසිත කලහෙ, ඉංජි.කංචුක පුන්චිහේවා යන මහත්ම මහත්මීන් එක් විය.

මෙම අවබෝධතා ගිවිසුම, වැඩසටහන ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ ග්‍රාමීය ගොවි ජනතාවගේ ප්‍රතිලාභය සඳහා ග්‍රාමීය වාරි යටිතල පහසුකම් තිරසාර ලෙස ප්‍රතිස්ථාපනය කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.