වාරිමාර්ග ප්‍රවෘත්ති
වැලිගම

වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන "වාරි මහිම – අපේ උරුමය" ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 02 වන දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය අමාත්‍ය ලාල් කාන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම සමාරම්භක උත්සවයට සඳහා අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මැතිතුමන් සහ නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලෙයාස් මැතිතුමන් ඇතුලු දේශපාලන රාජ්‍ය නිළධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදු විය. මෙමඟින් ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම ප්‍රදේශයේ ජල කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමටද දායකත්වයක් සැලසෙනු ඇත.