වාරිමාර්ග ප්‍රවෘත්ති
මඩුල්ල, මොනරාගල

පයිලේකන්ද වැව මූලික ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු ආරම්භ කිරීම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ "වාරි මහිම - අපේ උරුමය" වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු වැව් තෝරා ගැනීම සහ වැව ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයිලේකන්ද වැවෙහි මූලික ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු පසුගිය දා සිදු විය.

මෙහි ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු වැඩසටහන් කාර්ය මණ්ඩලය සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිළධාරීන් එක් ව සිදු කරනු ලැබිණි.