දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ආරම්භ කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ, වර්තමානයේ කෘෂිකර්මාන්තය ක්ෂේත්රය අභියෝග රැසකට මුහුණ දී ඇති බවයි. ගොවි ජනතාවගේ නිෂ්පාදන සඳහා සාධාරණ හා යුක්තිසහගත මිලක් ලබාදීම ප්‍රධාන අභියෝගයක් බවත්, වෙළෙඳපොළ තුළ නිසි මිලක් සහ ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන්නේ නම් ගොවීන්ට වගා කිරීමෙන් පලක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය. රටේ ගොවි ජනතාව මුහුණ දෙන දුප්පත්කම තුරන් කිරීම සිය අමාත්‍යාංශයට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බවද හෙතෙම අවධාරණය කළේය.
වාරිමාර්ග කටයුතු සඳහා රජය විශාල මුදලක් වෙන්කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් රාජ්‍ය කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමද අභියෝගයක් වී ඇති බව සඳහන් කළේය.
ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රජයේ ගබඩාවලට පමණක් වී මිලදී ගැනීම ප්‍රමාණවත් නොවන බැවින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා එක් අයෙකුට රුපියල් කෝටි දෙකහමාර බැගින් පොළී රහිත ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ද රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මිලට වී මිලදී ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා, ගොවීන් මුහුණ දෙන තෙත වී ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට රජය මැදිහත් වන බවද පැවසීය.
ගොවීන් එක් වගාවකට හෝ කුඹුරු වගාවට පමණක් සීමා නොවී පශු සම්පත් ක්ෂේත්රය කෙරෙහිද අවධානය යොමු කරමින් සිය ආදායම් මාර්ග විවිධාංගීකරණය කරගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අක්කරයකින් වී බුසල් 80ක අස්වැන්නක් ලබාගෙන ලාභ ලැබීම අපහසු බවත්, මේ වනවිට මෙරට ඇතැම් ප්‍රදේශවල අක්කරයකින් වී බුසල් 200ක් පමණ ලබාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ අක්කරයකින් ලබාගන්නා අස්වැන්න ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පැවසූ අමාත්‍යවරයා, ගොවීන් අවිධිමත් ලෙස වගා නොකර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුව වගා කටයුතු සිදු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
සත්ව ආහාර සඳහා බඩඉරිඟු ප්‍රධාන භෝගයක් වන අතර, මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක් පමණ වුවද දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉතිරි මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක ප්‍රමාණය ආනයනය කිරීම වෙනුවට සහල් ආශ්රිත විකල්ප භාවිත කිරීමට කටයුතු කර ඇති බවත්, සහල්වලින් විවිධ නිෂ්පාදන සිදු කිරීම තුළින් වී ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් හෙතෙම පැවසීය.
වී වගාවේදී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද නිසි පරිදි යොදාගත යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, පොහොර සහනාධාරය මෙන්ම වාරිමාර්ග පහසුකම් ලබාදෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බවද අවධාරණය කළේය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය බවත්, ඒ සඳහා ගොවි ජනතාවගේ සක්‍රීය දායකත්වයද අත්‍යවශ්‍ය බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
The rehabilitation of Kachchamaduwa Tank, belonging to the Kottukachchiya Agricultural Enterprise and damaged due to the Ditwah disaster, commenced yesterday (25) under the leadership of Minister of Agriculture, Livestock, Lands and Irrigation K.D. Lal Kantha.
Addressing the gathering, Minister K.D. Lal Kantha stated that the agricultural sector is currently facing numerous challenges. He emphasized that ensuring a fair and reasonable price for farmers' produce remains a major challenge, noting that unless farmers receive a proper market price and an adequate economic return, there is little benefit in continuing cultivation. The Minister further stressed that eliminating poverty among the farming community is one of the key responsibilities entrusted to his Ministry.
Pointing out that the Government has allocated substantial financial resources for irrigation development, the Minister also noted that maintaining the efficiency of public services has become challenging due to vacancies within the public sector.
Commenting on measures to ensure a fair price for paddy, Minister Lal Kantha stated that purchasing paddy only through Government warehouses would not be sufficient. Arrangements are therefore being made to involve small- and medium-scale rice mill owners, providing them with interest-free loan facilities of Rs. 25 million per mill through the State Treasury. He further stated that large-scale rice mill owners would also purchase paddy at Government-announced prices, and that the Government is introducing new technologies to address the high-moisture paddy problem faced by farmers.
The Minister emphasized that farmers should not depend solely on a single crop or paddy cultivation but should also explore the livestock sector and other income-generating activities to diversify their sources of income. He noted that a yield of around 80 bushels of paddy per acre makes it difficult for farmers to generate sufficient profits, while some areas of the country are currently achieving yields of approximately 200 bushels per acre. Programmes are being implemented under the guidance of the Department of Agriculture to increase the yield obtained per acre, and the Minister stressed that farmers should follow the Department's recommendations rather than cultivating without proper planning.
The Minister also highlighted the importance of maize as a major crop used for animal feed. While Sri Lanka's annual maize requirement is approximately 700,000 metric tonnes, domestic production is currently around 300,000 metric tonnes. Instead of importing the remaining 400,000 metric tonnes, steps are being taken to explore rice-based alternatives, with value-added rice products expected to strengthen the economic position of paddy farmers.
Referring to fertilizer use in paddy cultivation, the Minister stated that both chemical and organic fertilizers should be applied appropriately, and that the Government is committed to strengthening the farming community through fertilizer subsidies and adequate irrigation facilities. Minister K.D. Lal Kantha further stated that ensuring food security and strengthening the economic wellbeing of the farming community are among the Ministry's key responsibilities, while the active participation and commitment of farmers remain essential to achieving these objectives.
Minister Professor Chandana Abeyratne, Puttalam District Member of Parliament Ajith Gihan, representatives of the political authority, and a large number of government officials were also present at the occasion.