වාරි මහිම - අපේ උරුමය

නවගත්තේගම මල් මඩුගම වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

නවගත්තේගම, පුත්තලම

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ මගපෙන්වීමෙන්, "වාරි මහිම - අපේ උරුමය" ජාතික වැඩසටහන යටතේ නවගත්තේගම මල් මඩුගම වැවේ සංවර්ධන කටයුතු ඊයේ ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන "වාරි මහිම - අපේ උරුමය" වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම කටයුතු ආරම්භ විය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කටයුතු සිදු කරන මෙම වැව අක්කර 10ක ප්‍රමාණයකින් යුක්ත වන අතර, කුඹුරු අක්කර 70ක් පමණ ඇස්වැද්දීමේ හැකියාව ඇත.

මල් මඩුගම වැව එක බැල්මෙන්

වැවේ ප්‍රමාණය

අක්කර 10

ඇස්වැද්දිය හැකි කුඹුරු

අක්කර 70ක් පමණ