වැව්ගම් පුබුදුව (CRIWMP)

වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරිණි

මැදවච්චිය, අනුරාධපුරය

දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ගොවි ජනතාවගේ ජල සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ "වැව්ගම් පුබුදුව" ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් අමුණු 126කට අදාළ පිඹුරුපත්, ගොවි ජනතාව සහ රාජ්‍ය ආයතන වෙත භාරදීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP), පහත හවුල්කරුවන්ගේ දායකත්වය මත ක්‍රියාත්මක විය.

ව්‍යාපෘතියේ හවුල්කරුවන් සහ ප්‍රතිඵල

GCF

හරිත දේශගුණ අරමුදල

මූල්‍ය දායකත්වය

GoSL

ශ්‍රී ලංකා රජය

සම-මූල්‍ය දායකත්වය

UNDP

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන

තාක්ෂණික සහාය

09

එල්ලංගා පද්ධති

126

ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු

ව්‍යාපෘතිය යටතේ එල්ලංගා පද්ධති 09කට අයත් වැව් අමුණු 126ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, එම ජල සම්පත් පිළිබඳ නිවැරදි භූගෝලීය හා තාක්ෂණික තොරතුරු ඇතුළත් පිඹුරුපත් අදාළ පාර්ශ්ව වෙත ලබාදීම සිදු කෙරේ.

ඒ යටතේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කේන්ද්‍ර කරගත් තවත් එක් වැඩසටහනක් අද දින (ඔක්තෝබර් 05) මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී පිඹුරුපත් අදාළ පාර්ශ්ව වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.